සොමිසාර ඒකනායකට අද මොකද වෙන්නේ.?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය (28) වැනිදා පෙනී සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (11) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත.

ඒ අනුව හිටපු ජනා­ධි­පති රනිල් වික්‍රමසිංහගේ ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ සමන් ඒක­නා­යකට එරෙහි නඩුව අද (11) දින කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ කැඳ­වනු ලබයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments