ෆොන්සේකා පිළිගන්න ජනපති රනිල් පෙරමුණ ගනී.!

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් එළිදැක්වීම අද (28) පස්වරු යොදාගෙන ඇති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණීමට නියමිතව ඇත.

උතුරු සහ නැගෙනහිර යුද්ධය පිළිබඳව ලියූ මෙම ග්‍රන්ථය අද සවස 3.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වීමට නියමිත අතර මෙම උත්සවය යුද හමුදාවේ අනුග්‍රහයෙන් පැවැත්වෙයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය පක්ෂය සමඟ මත බේදයක් ඇති කරගෙන සිටින බැවින් මෙම උත්සවයට එම පක්ෂය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් කිසිවකු සහභාගි නොවනු ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close