By unusuma.lk on
(LK time)මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුවියන් දෙදෙනෙක් මුලතිව්හි කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් මියගොස් ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කරයි.
මෙම පාසල් සිසුවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වී ළිඳ අසළට යාමෙන් පසුව පය ලිස්සා ගොස් ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරුව ළිඳට වැටුනු මෙම සිසුවියන් දෙදෙනා ගොඩට ගෙනැවිත් මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.