By unusuma.lk on
(LK time)අප්‍රේල් මස (21) වනදා සිට අප්‍රේල් මස (25) වනදා දක්වා දින 05ක කාලයක් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර ඇත.
මහනුවර “සිරි දළදා වන්දනාව” ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව මහනුවර අධ්‍යාපන කලාපය, වත්තේගම අධ්‍යාපන කලාපය සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදෙයි.
“සිරි දළදා වන්දනාව” අප්‍රේල් මස (18) වනදා සිට (27) වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.