ඉන්දියානු සාගර කලාපය සහයෝගීතාවයේ සහ තිරසාර සංවර්ධනයේ ආකෘතියක් බවට පරිවර්තනය කිරීමට හැකියි.!

ස්ථාපනය කරන ලද මෙම සමුද්‍රීය අධ්‍යයන සදහා කලාපීය මධ්‍යස්ථානය (Regional Centre for Maritime Studies), විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයක කටයුතු කරනු ලබන අමාත්‍යාංශ සහ නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රධානතම හා උපායමාර්ගික වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් ලෙස ක්‍රියා කරනු ඇත.

එමගින් ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිත රටවල සිදුකෙරෙන අන්තර්ජාතික ක්‍රියාකාරකම් වලදී ආයතනික සහ මෙහෙයුම් ඵලදායීතාවය ඉහල නැංවිය හැකි වනු ඇත. වර්තමානයේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමටත් ඉදිරියේදී ඇති විය හැකි අභියෝග සදහා අවශ්‍ය පෙර සූදානම සැකසීමේදීත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මෙම අදහස් පළ කළේ රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ සමුද්‍රීය අධ්‍යයන සදහා කලාපීය මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අමතමින්ය.

දුපත් රාජ්‍යයක් වශයෙන්, ශ්‍රී ලංකාවට සාගරය හා බද්ධ වූ ගැඹුරු සම්බන්ධතාවයක් පවතින අතර, එය අපගේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයක් මෙන්ම අසල්වැසි රටවල් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන්නා වූ හවුල් උරුමයක් ලෙස ද සැලකිය හැකිය. ඉන්දියන් සාගරය තවත් එක් ජල තලයකට පමණක් සීමා නොවන බවත්, එය කලාපිය සංවර්ධනය සදහා ලැබෙන අවස්ථාවන්ගේ මාවතක් සහ හවුල් වගකීමේ කලාපයක් බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රංශ ජන රජයේ යුරෝපා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descôtes මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ප්‍රංශ ජන රජය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එක්ව කටයුතු කල අතර මෙමගින්, විෂයානුබද්ධව කටයුතු කරන විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු, කලාපීය නාවික හමුදා වෙරළාරක්ෂක ඒකක සහ පෞද්ගලික අංශයේ සමුද්‍රීය පාර්ශවකරුවන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සපයයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.