වාහන ආනයනකරුවන්ට හතේ හත වදී.!

වාහන ආනයනය සඳහා අවසර හිමිවීමත් සමඟ එම ක්‍රියාවලිය පාලනය කිරීම් සඳහා රජය විසින් ඊට අදාලව කොන්දේසි 7ක් පනවා ඇති අතර ආනයන කරුවන් ඊට අනුකූලව සිය ආනයන කටයුතු සිදුකළ යුතු බව රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එම කොන්දේසි පහත පරිදිය,

I. ආනයනය කරනු ලබන මෝටර් වාහන, ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු ය.

II. ආනයනය කරනු ලබන මෝටර් වාහනයක් එකී නියමිත කාල සීමාව තුළ දී ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත්, එවැනි වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන අවස්ථාවේ දී, අදාළ ආනයනකරු විසින් මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF වටිනාකම) 45% ක උපරිම සීමාවකට යටත්ව, මාසිකව CIF වටිනාකමින් 3% සිට අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතු ය.

III. යම් ආනයනකරුවකු විසින් විකිණීමේ අරමුණ සහිතව ආනයනය කරන වාහන, එකී ආනයනකරුගේ නමට හෝ ව්‍යාපාරයේ නමට හෝ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුගේ නමට ලියාපදිංචි කළ යුතු ය.

IV. යම්කිසි ආනයනකරුවකු මාස හයක් (06) ක් තුළ ආනයනය කරන ලද මුළු මෝටර් රථ වාහන ප්‍රමාණයෙන් 25% ක් මෙම රෙගුලාසි මගින් පනවන ලද දින අනූවක් (90) තුළ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝනය කරමින් ආනයනය කළහොත්, එකී ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස තිස්හයක (36) කාලයකට තහනම් කරනු ලැබේ.

V. යම් ආනයනකරුවෙකු, මෙම ප්‍රකාශිත රෙගුලාසි සහ/හෝ මෝටර් රථ වාහනයක්/වාහන ආනයනයට අදාළව දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසිවලට පටහැනිව සංයෝජිත වර්ගීකරණ සංකේතාංකවල 87 වැනි පරිච්ඡේදය යටතේ වර්ගීකරණය වන මෝටර් වාහනයක් ආනයනය කළහොත්, අදාළ මෝටර් වාහනය එකී ආනයනකරු විසින් ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත ප්‍රති-අපනයනය කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දැරිය යුතු සියලු පිරිවැය ද එකී ආනයනකරු විසින් දැරිය යුතු ය.

VI. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේදී එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු ය.

VII. මෝටර් එන්ජින් භාවිතා නොවන නමුත් රෝද සහිත අයිතම ආනයනය කිරීමේ දී, මින් පෙර භාවිතා නොකළ (not used) නව අයිතම ආනයනය කළ යුතු ය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.