By unusuma.lk on
(LK time)මෙම අප්‍රේල් මස (07) වනදා සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් දහවල් 12:12 ට සුළු මොහොතකට “සෙවනැල්ල” අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා සදහන් කරයි.
මෙය දෘෂ්ඨී මායාවක් බවත් මෙම අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන බවත් තමන්ගේ සෙවනැල්ල තමන්ට බැලීමට නොහැකි බවත් එය වෙනත් කෙනෙකුට බැලීමට හැකි බවද සදහන් කරයි.
තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා සදහන් කළේ,
“ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ඨි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් (05) සිට (15) දක්වා පවතිනවා.
කොළඹට සූර්යා මුදුන්වීම අප්‍රේල් (07) වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවනැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්. මේ තත්ත්වය (04) වෙනිදා සිට (15) වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා.
අපේ රට ඇතුළට සූර්යා පැමිණෙන්නේ (04) වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් (05) වැනිදා එළමල්දෙණිය, අප්‍රේල් (06) කළුතර, අප්‍රේල් (07) කොළඹ – කැලණිය, අප්‍රේල් (08) නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වෙනවා. (15) වනදා පේදුරුතුඩුවෙන් සූර්යා අපේ රටෙන් ඉවත්වෙලා යනවා.”