2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රුපියල් 3000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.
ඒ අනුව එම තිළිණපත් වල වලංගු කාලය හෙට (15) දිනෙන් අවසන් වීමට තිබුණද එහි වලංගු කාලය පෙබරවාරි (28) දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

