කටුනායක වෙඩි තැබීමකින් 29 හැවිරිදි තරුණයෙකුට තුවාල.!

කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද (26) අලුයම සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි උදාර චතුරංග නමැති තරුණයෙක් තුවාල ලබා ඇත.

ඔහු අලුයම 5.35ට පමණ තම නිවෙස තුළදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී- 56 ගිනි අවියක් යොදාගෙන මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අදාල තරුණයා මුදල් පොලියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු බවද පැවසේ.

ඔහු සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සිදුකර පලාගොස් තිබේ.

තුවාල ලැබු තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මේ වනවිට රැගෙන ගොස් ඇත.

වෙඩි තැබීමට භාවිතා කළ හිස් පතරොම් කොපු දෙකක් එම නිවසෙහි කාමරය තුළ වැටී තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments