කලහාකාරී වු තරුණයකුට පොලීසියෙන් වෙඩි.!

පොලිස් නිලධාරීන් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් මිනුවන්ගොඩ රාජසිංහපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දෙදෙනෙකු කෙහෙල්බද්දර, උග්ගල්බොඩ ප්‍රදේශයේ යතුරුපැදි මුර සංචාරයේ යෙදී සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ නිලධාරින් සතුව තිබු රිවොල්වර වර්ගයේ ගිනිඅවිය තවත් යතුරුපැදියෙන් පැමිණි එම සැකකරුවන් දෙදෙනා පැහැරගෙන යෑමත තැත් කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකුගේ වම් පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

පොලිස් අණ ‌නොතකා ධාවනය වූ යතුරු ‌පැදියක් ලුහුබැඳ ‌ගොස් අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කිරීමේදී තවත් නිලධාරියකු සැකකරුගේ පාදයට ‌වෙඩි තබා මෙල්ල කළ බව පොලිසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments