By unusuma.lk on
(LK time)වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය යැයි සැක කරන කිලෝ ග්‍රෑම් 110ක් පමණ ප්‍රමාණයක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (09 වැනිදා) සොයාගැනිණි.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි. හෙරොයින් මත්ද්‍රව්‍ය යැයි සැක කරන ද්‍රව්‍ය බහාලූ පොලිතින් පැකට් 100ක් ඉඩමේ තිබී මෙසේ සොයාගෙන තිබේ.
මේවා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇති අතර අදාළ සිද්ධියට මෙතෙක් එකදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නියෝග අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක වසන්ත, පොලිස් පරීක්ෂක නිශාන්ත ලාල්, උප පොලිස් පරීක්ෂක චන්ද්‍රනාත් ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.
මීට දෙසතියකට පමණ ඉහතදී ද වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ නිවසක තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සීයකට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
photo – AI Generated