ජනපති සමාවට මුවා වී අපරාධකරුවෝ 26ක් පන්නලා.!

ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සිදු කර ඇතැයි පැවසෙන මෙම විෂමාචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් නිදහස් කෙරුණු අනුරාධපුරයේ තිලකරත්න නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ සිටිති.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments