By unusuma.lk on
(LK time)පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්වයි.
එලෙස මාරුවීම් ලබාදී ඇති නිලධාරීන් පහත පරිදි වේ.
01 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්. එම්. ධර්මරත්න මහතා
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස
02 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න මහතා
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස
03 නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස
04 රාජකාරී ඉටු කිරීම කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ. පද්මිණි මහත්මිය
සුභසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.