By unusuma.lk on
(LK time)අද (02) දිනයේ සිට එළඹෙන (08) වැනිදාට දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් “ජාතික කාන්තා සතියක්” ප්‍රකාශයට පත් කර ඇත.
එළඹෙන (08) වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව “ජාතික කාන්තා සතියක්” ප්‍රකාශයට පත් කර ඇති අතර ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්’ යන්න මෙවර කාන්තා දින ජාතික තේමාව වේ.
ඒ අනුව අද (02) දිනයේ සිට (08) වනදා දක්වා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.
එළඹෙන (05) සහ (06) යන දෙදින පුරා ‘ලිය ශක්ති’ කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කොට ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.