වැඩබලන අමාත්‍යවරුන් පත් කරයි.!

අමාත්‍යාංශ හතරක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පත්කර ඇත.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පත්කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පත්කර ඇත.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පත්කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම් සිදුකර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments