By unusuma.lk on
(LK time)චීනයේ රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යාම නිසා අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.
ආරක්ෂක වැඩබලන අමාත්‍ය – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර
මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය – ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන
ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න