By unusuma.lk on
(LK time)අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ සැලසුම් කර තිබු ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතියට බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු ප්‍රමාදයන් හේතුවෙන් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇත.
අදානි ග්‍රීන් එනර්ජි සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධව ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.