මහා පවුරු මතින් පොලා පනින අත්භූත කැලෑ බෝල.!

බන්ධනාගාර ආරක්ෂක අංශ පවසන්නේ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරය පිටුපස ඇති කැලෑබද ප්‍රදේශය බන්ධනාගාරයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇති බවයි.

මෙම කැලෑ කොටසේ සිට විවිධ පුද්ගලයන් විසින් බන්ධනාගාරය තුළට විවිධ නීති විරෝධී ද්‍රව්‍ය ලබා දීමට බෝල විසි කිරීම සිදු කරනු ලබන බවත් බන්ධනාගාර සීමාවෙන් පිටත සිදු වන මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත් වාර්තා වේ.

එසේ බෝල විසි කිරීමෙන් පසු එම පුද්ගලයින් කැලය දෙසට පලා යෑම සිදු කරන අතර මෙලෙස විසි කරන බෝල තුළ ගංජා සුරුට්ටු දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන පවා හමුව ඇති අවස්ථා වාර්තා වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.