By unusuma.lk on
(LK time)ගිනි අවි හා ජීව පතරොම් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සහ කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වලදීය.
එක් සැකකරුවෙකු සැකකරු ඊයේ (17) දහවල් කාලයේ කටුනායක පොලිස් වසමේ, හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි, 54 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී 9mm වර්ගයේ ජීව පතරොම් 47 ක් සහ බෝර 12 වර්ගයේ ජීව පතරොම් 20 ක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවි 02ක් හා හිස් පතරොම් ගැබ් 02ක්, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හා හිස් පතරොම් ගැබ් 02ක්, වාහන අංක තහඩුවක් හා රක්ෂණ කාඩ්පතක්, ගිනි අවි බලපත්‍ර අළුත් කිරීමේ කුවිතාන්සි පත් 03ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම හිටපු සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් වන ‘අහුංගල්ලේ ඩිංගිරියා’ නමැති පුද්ගලයෙකුද ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කළුතර අපරාධ කොට්ඨාසය විසිනි.
අත්අඩංගුවට පත් එම සැකකරු සතුව තිබී ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් ද සොයා ගෙන ඇත.