කාර්යාලීය දුමිරිය මැදිරි වලට දොරගුළු වැටෙයි.!

වර්තමානයේ ධාවනය වන සාමාන්‍ය කාර්යාලීය දුම්රිය අතරින් දුම්රිය කිහිපයක් සඳහා වායු සමනය කළ මැදිරි එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර මෙම වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.

එම දුම්රියන් අලුත්වැඩියා කිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම දුම්රිය ධාවනය කිරීම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට නියමිත බව සඳහන්.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ ඒ සදහා දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කර ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ මීගමුව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමට සැලසුම් කර ඇත.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමටද අවධානය යොමුව ඇති බවද ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
9 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.