By unusuma.lk on
(LK time)සිංගප්පූරුව බලා පිටත්වු UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය (05) සවස කාර්මික දෝෂයකට ලක්වීමෙන් හදිසියේම ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර ඇත.
ගොඩ බැස්සවීමෙන් අනතුරුව ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසු අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවන බවට දැනුම්දී ඇත.
අනතුරුව ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කළද එයට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබානොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී, පසු එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳාගැනීමට කටයුතු කර ඇත.
කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් යානය පරීක්ෂා කිරීමට අද (06) අලුයම මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇත.