කඩුව මුවහත තබන්නැයි අජිත් පී. ගෙන් ආණ්ඩුවට යෝජනාවක්.!

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළොත් පමණක් බව‍යි.

එහිදී මන්ත්‍රීවරයා යෝජනා කර සිටියේ මේ වනවිට පාසල් පද්ධතිය තුළ සිටිනා බහුතරයක් ගුරුවරුන්ට ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගැන්වීමේ හැකියාවක් පවතිනා බැවින් රජය ඒ පිළිබඳ මූලිකත්වය ගත යුතු බවයි.

ඔහු යෝජනා කර සිටියේ රටේ සෑම දිවිතීක පාසලකම ඉංග්‍රීසි භාෂාවෙන් පන්ති පටන් ගත යුතු බවයි.

“මේ රටේ ද්විතීය පාසල් සියල්ලේම ඉංග්‍රීසි භාෂාවෙන් පන්ති පටන් ගත යුතුයි. මේ වන විට ඉංග්‍රීසි ඉගැන්විය හැකි සැලකිය යුතු ගුරු පිරිසක් ඉන්නවා. මේ පිරිස ලවා 6 පන්තියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම විධිමත්ව ඇරැඹිය යුතුයි.

මේ පිළිබඳව ගුරුවරුන්ගෙන් සෘජුව විමසුවොත් ඔවුන් බෑ කියනවා. මොකද ඔවුන් දැන් තියෙන විදියට ගෙන යන්න කැමතියි. එදා අතීතයේදී අපේ තාත්තලගේ පරම්පරාව දුප්පත් කමින් එළියට ආවේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් නිසයි.

ඒ අභියෝගය බාර ගත්තොත් රටට පිම්මක් පනින්න අවස්ථාව ලැබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Loading

One thought on “කඩුව මුවහත තබන්නැයි අජිත් පී. ගෙන් ආණ්ඩුවට යෝජනාවක්.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *