ගම් නගර සමතලා කරන්න ජනපති සැරසෙයි.!

අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GovPay පහසුකම දියත් කිරීමේදී උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඩිජිටල්කරණය තුළින් ගම සහ නගරය අතර ඇති පරතරය නැතිවෙන බවයි.

ඩිජිටල්කරණය හරහා ගම සහ නගරය සමතලා කළ හැකි බවත් එහි ප්‍රධානතම හැරවුම ඩිජිටල් හැදුනුම්පත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙමගින් රටේ මුදල් නෝට්ටු පරිහරණය අවම කිරීමට අපේක්ෂා කරන බවත් ජනතාවට පාරේ හෝ රජයේ කාර්යාලවල රස්තියාදු වීම නැති කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ ඩිජිටල් ලෝකය ගැන මගේ තිබුනු අදහස් වර්ධනය කරන්න හේතුවුනු කාරණාව තමයි ගම සහ නගරය අතර මේ ඩිජිටල්කරනයෙන් සමතලා කරන්න පුලුවන් කියන එක.

ඒකට කියන වචනය සමතලා කිරීම තමයි. ගම සහ නගරය අතර තියෙන මේ දුරස්භාවය සමතලා කරන්න පුළුවන්. අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට හැමවිටම මේ ගම සහ නගරය අතර තිබෙන පරතරය පියමන් කළ යුතුයි කියන දේ විශ්වාස කරපු ව්‍යාපාරයක්. මේ ඩිජිටල්කරණය කියන්නේ ඒකට හොඳ මෙවලමක්.”

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.