පොලිස් ලොක්කෝ කැඳවයි.. ජනපති නැවතත් වරම අතට ගනී.!

අද (18) ජනාධිපතිවරයා සහ බස්නාහිර පොලිස් ප්‍රධානීන් අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුවේ පැවසූවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බවයි.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බවද ජනාධිපතිවරයා සහතික විය.

නීතියේ විධානයේ ආධිපත්‍ය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x