අනුර ඉතිහාසයේ ප්‍රභලම රාජතාන්ත්‍රික සබඳතාව ගොඩ නගයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී සිටියි.

එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන අතර මෙමස 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුරදී රජයෙන් රජයට ගිවිසුම් ගතවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු වියදමකින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා පැවැත්වී ඇති බව සඳහන්.

තෙවන පාර්ශවයන් හරහා ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන අමතර පිරිවැය ඉතිරි කර ගැනීම මෙමගින් අපේක්‍ෂිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක බොරතෙල් වෙළෙඳපොළෙන් 7.24% ක කොටසක් අත්පත් කරගෙන සිටිනා අතර බොරතෙල් මිල සඳහා සැළකියයුතු බලපෑමක් එල්ල කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව ලෝකයේ හත්වන විශාලතම තෙල් සංචිත ඇති අතර ඔවුන් දිනකට බොරතෙල් මිලියන 3 කට වඩා නිෂ්පාදනය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව පුරා රටවල් ගණනාවකට තෙල් අපනයනය කරයි.

ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් අතරට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ආසියානු රටවල් මෙන්ම යුරෝපීය රටවල් ද ඇතුළත් වේ.

ඉන්දියාව, මැලේසියාව යන රටවල් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඇතිකරගෙන ඇති මෙවැනි ගිවිසුම් හරහා ලාභදායී ලෙස ඉන්ධන මිලදීගැනීම සිදුකරයි.

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ක්‍රියාත්මක වන ගිවිසුම වසර 40ක් සඳහා බලාත්මකයි.

එය 2018 වසරේ අත්සන් තැබු ගිවිසුමක් වන අතර ඒ හරහා සැළකියයුතු පිරිවැයක් ඔවුන් අවම කරගනු ලබයි.

ජනපති අනුර දිසානායක මහතා මේ පිළිබඳ සිදුකළ සාකච්ඡා සඳහා එරට පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් එවානි ගිවිසුමක් ඇතිකරගැනීමට හැකිවුවහොත් එය මෙරට ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරනු ඇත. මන්ද රටේ සමස්ත ආනයන වියදම් අතරින් 24%ක් අප ඉන්ධන සඳහා වැය කරනා බැවිනි.

ජනපති අනුර දිසානායක මහතා මෙම ගිවිසුම ඇතිකරගැනීමට එකඟ වුවහොත් ඔහු මෙරට වැදගත්ම රාජතාන්ත්‍රික ගිවිසුමට හිමි වාර්තාව බිඳුනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.