By unusuma.lk on
(LK time)අද (1) අළුයම 1ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.
අනතුරින් තුවාල ලැබූ පිරිස ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි.
රථයේ රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය සැක කරයි.