සියලු ගෙවීම් අද සිට අත්හිටුවයි.!

අද (21) දිනයේ සිට සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර අද දිනයේ සිට ලබන (23) වනදා දක්වා සේවා සැපයීම අත්හිටුවා ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයින පුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවනු ඇත.

කම්කරු දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ, අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments