අද (19) මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.
නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති නීතීඥ සුනිල් වටගල ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටිනා බව වාර්තා වෙයි.
මේ වනවිට අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.