ඇඹිලිපිටිය ඉස්පිරිතාලේ ගිලන් රථය රෝහල් අධ්‍යක්ෂක ගෙදර පාවිච්චියට තියාගෙන.!

රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල සතුව පවතින ගිලන් රථ අවභාවිතා කරමින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල අධ්‍යක්ෂ දිලීප් එච්. ලියනගේ මහතා එම ගිලන් රථ තම පවුලේ සාමාජිකයන්ගේ ගමනාගමන කටයුතු සදහා යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලේ ගිලන් රථ අවභාවිත කරමින් සිකුරාදා දිනවල සිය පවුලේ සාමාජිකයන් කොට්ටාවේ සිට ඇඹිලිපිටියට රැගෙන යාමටත්, නැවන සඳුදා දිනවල කොට්ටාව නිවසට ඔවුන් ගෙන ඒමටන් භාවිත කරනා බවට අනාවරණය වී ඇත.

සම්බන්ධයෙන් ඔහුගෙන් හිරු මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු පවසා තිබුනේ තමා එවැන්නක් සිදු නොකරන බවයි.

“එහෙම අවශ්‍යතාවක් නැහැ… මට පෞද්ගලික පරිහරණයට රජය විසින් දීලා නියනවා ඩ්‍රයිවර් කෙනෙක් එක්කම වාහනයක්. මගේ ළමයි දෙන්නා පල්ලා…”

“කිසිම වාහනයක් මගේ පෞද්ගලික වැඩකට යවල නැහැ. මම ඒක බොහොම වගකීමෙන් කියනවා..”

මේ අතර එම රෝහල් අධ්‍යක්ෂවරයාගේ සදාචාරාත්මක නොවන ක්‍රියාකලාපයට එරෙහිව වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති එකමුතුව පසුගිය දා විරෝධතා පාගමනක් හා උද්ඝෝෂණයක්ද සංවිධාන කර නිබුණි.

Loading

We are happy to invite you.