චීනය ඇතුළු රටවල් තුනකට ට්‍රම්ප් සැරවෙයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට 10%ක්, මෙක්සිකෝවට හා කැනඩාවට 25%ක් වශයෙන් තීරුබදු පනවන බව සදහන් කර ඇත.

තවද අනාගතයේදී යුරෝපීය සංගමයටද තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු තෙල් සදහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත් එය පෙබරවාරි (18) වන දින සිට ක්‍රියාත්මක විය හැකි බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා නව බදු පැනවීම ප්‍රධාන වෙළඳ යුද්ධයකට මුල පුරනු ඇති බවත් අමෙරිකාවේ භාණ්ඩ මිල ගණන් ඉහළ යනු ඇති බවද ආර්ථික විශ්ලේශකයින් සදහන් කරයි.

මෙක්සිකෝව, කැනඩාව සහ චීනය අමෙරිකාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන් වන අතර පසුගිය වසරේ එරටට ආනයනය කරන ලද භාණ්ඩවලින් 40%ක් එම රටවලින් ආනයනය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.