ජනපති ට්‍රම්ප් අමෙරිකාවේ නිල භාෂාව නම් කරයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “ඉංග්‍රීසි” භාෂාව නිල භාෂාව බවට පත් කරමින් විධායක නියෝගයක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ මෙම නියෝගයත් සමග වසර 250කට පමණ පෙර රට ආරම්භ කිරීමෙන් පසු අමෙරිකාවේ ෆෙඩරල් මට්ටමින් නිල භාෂාවක් නම් කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම විධායක ⁣නියෝගයේ සදහන් කර ඇත්තේ,

“ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම සන්නිවේදනය විධිමත් කරනවා පමණක් නොව, බෙදාගත් ජාතික වටිනාකම් ශක්තිමත් කරන අතර වඩාත් ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කරනු ඇත.”

මේ වනවිට ඇමරිකානු ප්‍රාන්ත 30කට වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස නම් කර ඇති අතර ලොව පුරා රටවල් 180ක් පමණ නිල ජාතික භාෂා ඇති අතර බොහෝ රටවල් බහු නිල භාෂා හඳුනාගනී.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.