By unusuma.lk on
(LK time)අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද එම අත්හිටුවීමට ඇතුළත් බව ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ විශ්වාසයක් ඇති බැවින් ඔහුට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.