By unusuma.lk on
(LK time)සංක්‍රමණික විරෝධතා නිසා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි මේ වනවිට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ෆෙඩරල් නිලධාරීන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති 51 වැනි කාර්ය සාධක බලකායට සහාය වීම සඳහා අමෙරිකානු හමුදාව ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කරයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ආරක්ෂාව වැඩි කිරිම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව ලෝස් ඇන්ජලීස් නුවරට ආරක්ෂක භටයින් 2,000ක් යෙදවිමට ජනාධිපතිවරයා නියෝග කළේය.
ආරක්ෂක භටයින් යෙදවීම වැදගත් තීරණයක් ගත් බවත් එසේ නොකළේ නම්, ලොස් ඇන්ජලීස් සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
කෙසේ වෙතත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා සහ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත.