By unusuma.lk on
(LK time)අම්පාර උහන පොලිස් ස්ථානයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.