By unusuma.lk on
(LK time)මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ, පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බවයි.
දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බවත් දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සදහන් කරයි.
විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවත් ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.