By unusuma.lk on
(LK time)අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණේ හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය හිටපු සහ දැනට සිටින දේශපාලන චරිත, ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන තිබෙන බවත් එම පොලිස් කොට්ඨාස ආවරණය සඳහා විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී සඳහන් කළේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :
“අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් කටයුතු කෙරෙනවා. මේ වන විට දිවයින පුරා වැටලීම් කෙරෙනවා. රාත්‍රී මුර සංචාර කෙරෙනවා. ජංගම සංචාර කෙරෙනවා. හදිසි මාර්ග බාධක යොදා තිබෙනවා. අසංවිධානාත්මක අපරාධ ක්‍රියා වැළැක්වීම මෙන්ම ඒවායේ නිරත වන අය නීතිය ඉදිරියට පැමිණවීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා”