ඥානසාර හිමිගෙන් ජනපතිට ආණ්ඩුවට බරපතළ ත්‍රස්තවාදී චෝදනාවක්.!

බන්ධනාගාරගතව සිට පසුගියදා ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍යහමුවක් අමතමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසන්නේ ලංකාවේ භයානකම ත්‍රස්ත කල්ලිය අදටත් සිටින්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර මහතා සමඟ බවයි.

වර්තමාන ආණ්ඩුවේ බොහෝ දෙනා මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට බොහෝ විශාල දායකත්වයක් දැරූ බව පැවසූ උන්වහන්සේ ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්හි රැසක් වර්තමාන ආණ්ඩුවට සහාය ලබා දෙමින් සිටින බවද චෝදනා කරති.

එමෙන්ම උන්වහන්සේ ආණ්ඩුවට අභියෝගයක් කරමින් කියාසිටියේ බොදු බල සේනා සංවිධානය කිසිවෙකුගේ කොන්ත්‍රාත්තුවක් කළේ නම් ඒ බව ඔප්පු කරනා ලෙසයි.

එමෙන්ම පාස්කු ඉරිදා දිනයේ මෙරටට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ඇති බවට ඊට පෙර මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන්ට දැනුම් දුන් නමුත් එම අනතුරු ඇඟවීම කාදිනල් හිමියන් විසින් නොසලකා හැරි බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

“වර්තමාන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් උන්නැහේට මම මේ කියන්නේ නිකං අඳුරේ අත පත ගාල මේ ආණ්ඩුවත් කෙළවගන්න එපා. කරනවනම් මෙන්න මේ දේවල් කරලා පෙන්නන්න. තාමත් මහමොළකාරයෝ තාමත් ඉන්නවා එයාල ලඟ. තාමත් ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය දැනුත් ඉන්නේ ආන්ඩුවත් එක්ක. මේ වැඩකට නැති කෙහෙම්මල් සංවිධාන ටිකක් තහනම් කරළා.

ප්‍රහාරයට පෙර සිටම අපි කාදිනල්තුමා හමුවී ඔහු සමඟ දීර්ඝ සාකච්ඡා පැවැත්වුවා.. සිදුවිය හැකි තර්ජනය පිළිබඳව අනතුරු ඇඟවූවා. කෙසේ වෙතත්, අපගේ අනතුරු ඇඟවීම් නොසලකා හැරියා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්වරයා ලෙස, ප්‍රහාරය පිළිබඳව අදාළ නිලධාරීන්ට දැනුම් දීමට අපට බලය තිබුණා, නමුත් රටේ ආරක්ෂක හමුදා පාලනය කිරීමට අපට බලයක් තිබුණේ නැහැ. බුද්ධි අංශවලට පවා ප්‍රවේශ විය නොහැකි රහස් තොරතුරු රාශියක් අපට ලැබුණා.

මම 2014 සිට ප්‍රහාරය ගැන අනතුරු අඟවමින් සිටියා. ඒ කාලයේ මම අදාළ රජයේ නායකයින්ට ලිපි 17ක් යැව්වා. රට තුළ තවත් අන්තවාදී කණ්ඩායම් කිහිපයක් මතුවීම පිළිබඳව ද මම කනස්සල්ල පළ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ පිහිටුවන ලද ‘එක රටක්-එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා අපි අඛණ්ඩ ආගමික අන්තවාදී කණ්ඩායම් පිළිබඳ පුළුල් තොරතුරු හෙළි කළා.

අපි මේ සියලු තොරතුරු ස්වාධීනව, රජයේ කිසිදු උදව්වක් නොමැතිව රැස් කළා. අපි එය කළේ රටේ ජනවාර්ගික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අවශ්‍යතා සඳහා.

අවසානයේ අපි වාර්තාව භාර දුන්නා, නමුත් අවාසනාවකට, කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ”

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.