By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මිලියන 1.8ක් පමණක් වියදම්කර රට සංචාර 3ක් යනු ලැබුවේ භාග ටිකට් ගෙන දැයි විමසූ පැණයට අද ආණ්ඩු පක්ෂයේ සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබාදුන්නේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා 312,350 සමඟ රාජ්‍යතාන්ත්‍රිකව ලබාදෙන සිහිවටන ඇතුළුව 1,220,000 ක් වියදම් වූ බවත් චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් චීන රජය විසින් ලබාදුන් බවත් එම සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කර ඇත්තේ 386,000 ක් පමණක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේම ඩුබායි සංචාරය සඳහාට ගුවන් ටිකට්පත් එරටින් ලැබුණු බවත් ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කර ඇත්තේ 279,971 ක් පමණක් බවද ඔහු සඳහන් කළා.
විදෙස් සංචාරයක් යන විට ජනාධිපතිවරාය දෛනික දීමනාවක් ලැබෙන බවත් චීන සංචාරය සඳහා ඩොලර් 2,055 ක් හා ඩුබායි සංචාරය සඳහා ඩොලර් 960 ක් ලැබුණු බවත් ඒවා සියල්ල යළි ජනාධිපති ලේකම්කාර්යාලට ගෙනැවිත් භාරදී ඇති බවත් මීට පෙර කිසිඳු රාජ්‍ය නායකයෙකු එලෙස සිදුකර නොමැති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.