By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ දත්තවලට අනුව පසුගිය 2024 ජනවාරි මාසයේ මෙරටට සංචාරකයන් 208,253ක් පැමිණ ඇති අතර මෙම 2025 වසරේ ජනවාරියේ මාසය තුළ එම සංඛ්‍යාව 252,761ක් දක්වා වර්ධනය වී ඇත.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා මෙම වසරේ ජනවාරිවල විදෙස් සංචාරකයන් 44,508ක් වැඩිපුර මෙරටට පැමිණ තිබේ.
මෙරට ඉතිහාසයේ ජනවාරි මාසයක් තුළ වැඩිම සංචාරකයන් ගණනක් පැමිණ ඇත්තේ මෙම වසරේ වීම සුවිශේෂී වෙයි.
මීට පෙර වසරක ජනවාරි මාසයක් තුළ මෙරටට සංචාරකයන් වැඩිම සංඛ්‍යාවක් පැමිණීමේ වාර්තාව 2018 ජනවාරි වූ අතර එම සංඛ්‍යාව 238,924කි.
මෙලෙස පැමිණි සංචාරකයින් අතර ඉන්දියානුවන් 43,375ක්, රුසියානුවන් 34,096ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 21,730ක්, චීනුන් 16,709ක් හා ජර්මන් ජාතිකයන් 15,050ක් ඇතුළු වෙනත් රටවල ජාතිකයන්ද ඇතුළත් වේ.