රටම කතාවෙන සැකකරු අත්අඩංගුවට ගන්න සැරසෙයි.!

ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් අනීතිකව නිදහස් කළ අතුල තිලකරත්න අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අනුරාධපුර මහාධිකරණය මගින් මූල්‍ය වංචාවකට වරදකරු කර සිරදඬුවම් නියම වී සිටි අතුල තිලකරත්න නම් සිරකරු ඉකුත් මැයි (12) වැනිදාට යෙදුණු වෙසක් පොහෝ දිනයේදී ජනාධිපති පොදු සමාව හිමිවීය.

ජනාධිපති පොදු සමාව යටතේ මෙසේ නිදහස් කළ බව කියන ඩබ්. එච්. අතුල තිලකරත්න නමැති සිරකරු මූල්‍ය ආයතනයක, අනුරාධපුර ශාඛාවේ සේවය කරමින් සිටියදී ලක්ෂ 40ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වසර දෙකක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම වූ අයෙකි.

තවද වින්දිත පාර්ශ්වයට ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙස නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණ විනිසුරු විසින් නියම කර ඇත.

කෙසේ වෙතත් මෙම සැකකරුට වසර දෙකක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේ, පසුගිය මැයි (02) වැනිදා වන අතර දින 10කට පසුව සිරකරුවන් නිදහස් කරනු ලබන්නේ මැයි (12) වැනිදාට යෙදුණ වෙසක් පෝය දිනයේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments