අර්ච්චුනාගේ කැරැට්ටුව සභාගත කරයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ඔහු විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව අද (21) පාර්ලිමේන්තුවේදී සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් සහ අමාත්‍ය විජිත හේරත් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්‍‍වයෙන් සමන්විත විය.

එසේම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද කථානායකවරයා නිවේදනයක් සිදු කළේය. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු ‍කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පති‍වරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.