රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව පවතින නඩුව එළඹෙන ජුනි මස (23) දින යළි කැඳවීමට අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර ඇත.
අර්ජුන් ඇලෝසියස් බඩ ඉරිඟු කිලෝ විශාල ප්රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්රධාන මහෙස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
තවද එළඹෙන ජුනි මස (23) දින සැකකාර අර්ජුන් ඇලෝසියස් යළිත් අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.