කට්ටි පැන්න 1500ක් මාට්ටු.!

ඊයේ (19) දිනය දක්වා කාලය තුළ නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,604 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලාගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය පෙබරවාරි 22 සිට ආරම්භ කෙරුණේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට අනුවයි.

ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වල දී 1,444 දෙනෙකු සහ පොලීසිය සිදුකළ මෙහෙයුම්වල දී 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන්  1,394 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ගුවන් හමුදා සෙබළුන් 138 දෙනෙකු සහ නාවික හමුදා සෙබළුන් 72කු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x