By unusuma.lk on
(LK time)වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ස්ථානාධිපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.