By unusuma.lk on
(LK time)සර්ෆින් ක්‍රීඩාව සුලබව සිදුවන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බිකිණි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් කිරීමට සංචාරකයින්ට ඉඩ නොදෙන්නැයි ප්‍රදේශවාසීන්ගෙන්ගෙන් පොලීසිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව සංවරව හැසිරෙන ලෙස තම හෝටල් තුළ රැඳී සිටිනා සංචාරකයින් දැනුවත් කරනා ලෙස පොතුවිල් පොලිසිය විසින් හෝටල් හිමියන්ට දැනුවත් කර තිබේ.
පොතුවිල් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් සුවපහසු ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතර ප්‍රචලිතව පවතින අතර, ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහ විනෝද ක්‍රීඩා ආදිය ද ඊට හේතු වී තිබේ.
විදෙස් සංචාරකයින් වඩාත් ප්‍රිය කරන මෙරට සංචාරක කලාප අතර ආරුගම්බේ මුහුදු තීරය සුවිශේෂී වන්නේ ස්වාභාවික මුහුදු රළ මත කරන සර්ෆින් ක්‍රීඩාව හේතුවෙනි.
ඊටම ආවේණික ක්‍රීඩා උපකරණ මෙන්ම ඇඳුම් ද සර්ෆින් ක්‍රීඩාව සඳහා භාවිත වෙයි.
කෙසේවෙතත් ආරුගම්බේ සංචාරක කලාපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ එහි පැමිණෙන සංචාරකයින්ට පනවා ඇති ආගන්තුක නීති කිහිපයක් හේතුවෙනි.
ඒ අනුව එම ප්‍රදේශයේ ගැවසෙන සංචාරකයින්ට බිකිනි සහ සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳීම තහනම් කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පොතුවිල් පොලිසියෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ බිකිනි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් නොකරන ලෙසට දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවත් මෙම නීති සම්බන්ධයෙන් හෝටල් හිමියන් ද දැනුවත් කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වෙතත් ආරුගම්බේ මුහුදු තීරය සහ ප්‍රධාන මාර්ගය අතර විශාල දුරක් නොපවතින බැවින් සංචාරකයින් දවසේ වැඩි කාලයක් මුහුදු තීරය සහ ප්‍රධාන මාර්ගය අසළ ගැවසීම සුලබ දසුනකි.