By unusuma.lk on
(LK time)ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් අනීතිකව නිදහස් කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා මේවන විට පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් අනීතිකව නිදහස් කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර මහාධිකරණය මගින් මූල්‍ය වංචාවකට වරදකරු කර සිරදඬුවම් නියම වී සිටි අතුල තිලකරත්න නම් සිරකරු ඉකුත් මැයි (12) වැනිදාට යෙදුණු වෙසක් පොහෝ දිනයේදී ජනාධිපති පොදු සමාව හිමිවීය.