By unusuma.lk on
(LK time)නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට දැනුම්දී ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බවයි.
එලෙස නිදහස් කිරීමට දැනුම්දී ඇත්තේ ලසන්ත වික්‍රමතුංග මහතා ධාවනය කරන ලද වාහනයේ තිබූ ලේඛණයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයේදී අත්අඩංගුවට ගත් තිස්සසිරි සුගතපාල සහ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අය බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ඔවුනට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කළ බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නිදහස් කිරීම නව සාක්ෂි හෙළිදරව් වීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවත් එහි සඳහන් වේ.