කෝටි ගණන් මුදල් නාස්ති කළ අධිකාරියේ කෙරුවාව හෙළිවෙයි.!

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කල්බදු ක්‍රමයට ලබාගත් ඉඩමක් වසර 8ක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

මෙම ඉඩම කල්බදු ක්‍රමය යටතේ රුපියල් 1,83,17,757කට පසුගිය 2016 වසරේදී ලබාගෙන ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට යාබදව පිහිටි මෙම ඉඩම මේ දක්වා කිසිදු සංවර්ධන කටයුත්තක් කර නැති බව විගණන වාර්තාවේ සදහන් වේ.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරි සදහන් කළේ, මුදල් අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන ඉල්ලුවත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙහි ඉදිකිරීම් ප්‍රමාද වූ බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.