Unusuma Editor

1282 Posts
77 වන ජාතික නිදහස් දින සැමරුම ඇරඹේ.!

77 වන ජාතික නිදහස් දින සැමරුම ඇරඹේ.!

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.

නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

හිතපු තරම් නරක නෑ.. අනුර හොඳයි වගේ.!

හිතපු තරම් නරක නෑ.. අනුර හොඳයි වගේ.!

පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ කාල සීමාවේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීන් සහ මතවාදයන් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයන් සහ අපහාසයන් සිදුකළ හිමි නමක් වූ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ. 

මීට පෙර ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග සමන්තභද්‍ර හිමි සමීප ඇසුරක් පැවැත්වූහ.

ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි. 

අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ. 

මෙවර ඡන්ද හිමි නාමලේඛණයේ වෙනසක්.!

මෙවර ඡන්ද හිමි නාමලේඛණයේ වෙනසක්.!

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවයි.

මින් පෙර එම කටයුත්ත ග්‍රාම නිලධාරී මහතුන් විසින් ගෙයින් ගෙට ගොස් අදාළ ආකෘති පත්‍ර‍ය ලබාදීමෙනි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ්අඩවියට පිවිස පරිශීලක ගිණුමක් සකස් කර එහි “පුරවැසියන් සඳහා” යන යොමුව මඟින් “මාර්ගත ලියාපදිංචිය” යන සේවාව වෙත පිවිසීමෙන් මහජනතාවට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බව පැවසේ.

එසේම 2025.02.01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ නොවන නමුත් ජාතික හැඳුනුම්පත හෝ හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය සහිත යොවුන් පුරවැසියන් හට “පුරවැසියන් සඳහා” යන යොමුවෙහි “යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීම” යන e සේවාව මඟින් පිවිසී ඉදිරි ඡන්ද හිමි නාමලේඛනයන් හි ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එම නිවේදනය පහතින්,

තරුණ සේවා සභාවට පෑයූ තරුව.!

තරුණ සේවා සභාවට පෑයූ තරුව.!

චින්තක හේවාපතිරණ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තරුණ සේවා සභාවේ සභාපති ධූරය සඳහා නීතීඥ සුපුන් විජේරත්න මහතා පත් කර තිබේ.

ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන අතර මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරයෙකු වන සුපුන් විජේරත්න මහතා යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර ඇත.

ඔහුගේ පත්වීම සුවිශේෂී වනුයේ යෞවන සමාජ ව්‍යාපාරයත්, යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙකු ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව බැවිනි.

පාස්කුවේ ශාක්ෂිය නසන්න ලොකු සෙල්ලමක්.?

පාස්කුවේ ශාක්ෂිය නසන්න ලොකු සෙල්ලමක්.?

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ආණ්ඩුව තුල සිටින බැවින් වෙනත් පුගලයන් පිට වරදා පටවා සැබෑ වගකිව යුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙන බවයි.

අද දින (2025.02.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී ගම්මන්පිල මහතා සිදුකළ සම්පූර්ණ කතාව

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව අල්ලා ගන්නා බවත් පොරොන්දු වී මේ ආණ්ඩුව බලයට පැමිණි බව කවුරුත් දන්නා කරුණක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිවයුතු අය මේ ආණ්ඩුව තුල සිටින නිසා කවුරුන් හෝ මහ මොලකරුවෙකු බවට පත් කර සැබෑ වගකිවයුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ දිනවල පාස්කු ප්‍රහාරය ගැන අළුත්ම තිර රචනයක යෙදිලා ඉන්නවා.

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධි අංශයි කියලා චැනල් ෆෝ නාලිකාව නගපු චෝදනාව අපි හෙලි කළ ඉමාම් වාර්තාවෙන් ඉතාම තාර්කිකව බිඳ හෙලලා තිබුණා.

ඒ වාර්තාව හැදුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥයෙකු කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. අපි ඒක හෙලිදරව් කලාට පස්සේ වෙනත් බොරුවක් හදා ගන්න ආණ්ඩුව උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඒ නිසා ආණ්ඩුව මේ බොරුව තව දුරටත් වැඩි දියුණු කරලා මුලින්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරය සිදු කලේ ජනපතිවරණයේ දී ගෝඨාභය මහතාට වාසියක් ලබා ගැනීමේ අරමුණින් ලංකාවේ බුද්ධි අංශ යැයි කියන මිත්‍යාව තමයි ස්ථාපිත කරන්න හදන්නේ.

පාස්කු ප්‍රහාරය ලංකාවේ බුද්ධි අංශවල වැඩක්ය කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා. ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පැන ගිහින් ඉන්නේ. මවුලානා චැනල් ෆෝ නාලිකාව හරහා පාස්කු බොරුව කීම දිට්ට ධම්ම වේදනීය කම්ම පලිසන් දුන්නා වගේ එයා ඊට වඩා අමාරුවක වැටුණා. මවුලානා විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවන විවාහය කර ගන්නේ බොරු නමක් දීලා ව්‍යාජ විවාහ සහතිකයක් හදලා. බිරින්දෑවරු දෙන්නාටම හොරෙන් තමයි මෙයා ස්විට්සර්ලන්තයට පැන ගන්නේ.

තමන් විවාහ වුණේ අසාද් මවුලානා සමග කියලා දෙවන බිරිඳ දැන ගත්තේ චැනල් ෆෝ වීඩියෝව දැකලා. එයා සයින්දමර්දු ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ජෙස්ලි බෙනාසීර්. බොරු නමකින් විවාහ වීම ගැන මවුලානාට විරුද්ධව සයින්දමර්දු පොලිසියේ පැමිණිල්ලක් කරනවා. පොලිසිය පැමිණිල්ල විමර්ශනය කරලා කල්මුණේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී/811/2023 යටතේ උසාවියට කරුණු වාර්තා කරනවා. උසාවිය වහාම මවුලානාට විදෙස් ගමන් තහනමක් පනවනවා. ඒ තහනම ලබා ගන්න විටත් මොහු රටින් පැනලා හිටියේ.

මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න නම් මවුලානාගේ ප්‍රකාශයක් ඕනි. නමුත් විදෙස් ගමන් තහනම තිබෙන තුරා ඒ ප්‍රකාශය ලබා දෙන්න මවුලානාට ලංකාවට එන්න බෑ. මොකද විදෙස් ගමන් තහනමක් තිබෙන කෙනෙක් ගුවන් තොටුපොලෙන් ඇතුළු වන විට අත්අඩංගුවට පත් වන නිසා.

ඒ නිසා විදෙස් ගමන් තහනම ඉවත් කරලා මවුලානා ලංකාවට ගෙනැවිත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ප්‍රකාශයක් කරවන්න ආණ්ඩුව තීරණය කරලා. මේ වන විට ව්‍යාජ විවාහ සහතිකය සකස් කරන්න මවුලානාට උදව් කරපු අබ්දුල් රහීම් නැමැත්තා අත්අඩංගුවට අරන් ඇප පිට ඉන්නේ. ඒ නිසා මවුලානාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්න පොලිසියට එකඟ වෙන්න බෑ.

මේ තත්වය යටතේ මවුලානාගේ නීතිඥයෙකු විදෙස් ගමන් තහනම ඉවත් කර ගන්න උසාවියට කරුණු දක්වන විට විරුද්ධ නොවන මෙන් සයින්දමර්දු පොලිසියට ඉහලින් උපදෙස් ලැබිලා. මට තිබෙන තොරතුරු අනුව අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු තමයි මේ නීතිඥයා ලැහැස්ති කරලා තිබෙන්නේ. ඒ නිලධාරියාගේ නම මට ලැබුණත් ඒ බව සනාථ කරන සාක්ෂි කිසිවක් මට නැති නිසා මම නම සඳහන් කරන්නේ නෑ.

ඒ අනුව පසුගිය ජනවාරි 21 දා පොලිසියේ කිසිම විරෝධයකින් තොරව මවුලානාට තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කරනවා. පොලිස් නිලධාරින් මේ කරපු නීති විරෝධි වැඩෙන් අනාගතයේ දී ප්‍රශ්නයක් ඇති වේවි කියන බයට තමන් පොලිසියට පැමිණිලි කලේ පිල්ලෙයාන්ගේ බලපෑමට කියා දෙවන බිරිඳ ෆාතිමා ජෙස්ලි බෙනාසීර්ගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය උත්සාහ කලත් ෆාතිමා ඒක ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයින් බියට පත් වුණු පොලිස් නිලධාරින් ෆාතිමාගෙන් ප්‍රකාශයක් පටිගත කරගෙන DCDB නැතිනම් Divisional Crime Detective Bureau වල සටහන් කර ගබඩා කර තිබෙනවා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු කීර්තිමත් පුද්ගලයින් තිදෙනෙකුගේ සාමාජිකයත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කමිටුවකින් බොරුවක් කියලා ඔප්පු කරලා තිබෙන කරුණකට පණ දෙන්න ආණ්ඩුව මහජන මුදල් නාස්ති කිරීම අපි අමතක කරමු. මොකද මහ මොලකරුවෙකු සොයා ගන්න බැරිව ආණ්ඩුවට විපතක්නෙ වෙලා තිබෙන්නේ. නමුත් බොරු නමක් දීලා වංචනිකව කාන්තාවක් විවාහ කරගත් කෙනෙකුට එරෙහිව විභාග වන නඩුවක් කඩාකප්පල් වන අයුරින් මවුලානාව ලංකාවට ගෙන්වීම ගැන කාන්තා විමුක්තිය ගැන පොත් ලියූ දේශනා පැවැත්වූ අගමැතිතුමියට කරන නිගාවක් විධියටයි අපි දකින්නේ.

පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම බොරු පරීක්ෂණයක් කරන්න. ඒත් මවුලානාට තිබෙන අනිත් චෝදනා වල විමර්ශන යට ගැසීමේ පගාව ලෙස ආණ්ඩුවට අවශ්‍ය දේවල් ඔහු ලවා කියවා ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදියි. අපි ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. පාස්කු ප්‍රහාරය ගැන මවුලානාගෙන් ප්‍රකාශය ලබා ගන්නා අතරේ ඔහු කර තිබෙන අනෙකුත් අපරාධ ගැනත් අවශ්‍ය විමර්ශන කර ප්‍රකාශ ලබා ගන්න. එතෙක් ඔහුට ලංකාවෙන් යන්න දෙන්න එපා.

මවුලානාට එරෙහිව තිබෙන්නේ බොරු නමකින් පෙනී සිටිමින් දෙවන විවාහයක් කර ගැනීම විතරක් නොවේ. ඉමාම් කමිටු වාර්තාව අනුව සහරාන්ලාට උදව් කරලා තිබෙන්නේ අපේ බුද්ධි අංශ නොවේ. බුද්ධි අංශ වලට චෝදනා නගන අසාඩ් මවුලානා. බෝම්බයක් අත්හදා බැලීමේ දී සහරාන්ගේ මල්ලි රිල්වාන් තුවාල ලබනවා. ඔහුට ප්‍රතිකාර කරන්නේ මවුලානාගේ දෙහිවල දී මෙන්ම තමන්ගේ ගම වන මරතමුනෙයි පුද්ගලයෙකු වන සෆ්රාස් මොහොමඩ් සුෆියාන් කියන වෛද්‍යවරයෙක්. මේ නිසා විමර්ශන කමිටුවේ නිගමනය නම් මවුලානාට සහරාන් සමග සම්බන්ධයක් තිබුණා කියන එකයි. ඒ නිසා තමයි මවුලානා ලංකාවෙන් පිටත ජීවත් වෙන්න උත්සාහ කලේ කියලා. එතකොට බුද්ධි අංශ වලට වරද පටවන්න යොදා ගන්නේ ඇත්තටම පාස්කු ප්‍රහාරයේ සැකකාරයෙක්. ඒ සැකකාරයා සාක්ෂිකාරයා කරලා ප්‍රහාරය ගැන කලින්ම අනතුරු ඇඟවූ බුද්ධි අංශ වැරදිකරුවන් කරන්නේ සැබෑ වැරදිකරුවන් රැක ගැනීමමේ ආන්ඩුවේ කූට වෑයමක් කියලා අප විශ්වාස කරනවා.

බොරු නමකින් පෙනී ඉඳලා දෙවන විවාහයක් කරගෙන කාන්තාවක් රැවටූ මවුලානාව ආණ්ඩුව විශ්වාස කරනවා නම් කීර්තිමත් පුද්ගලයින් හදපු කමිටු වාර්තාවත් ආණ්ඩුවට ඊට වඩා විශ්වාස කරන්න එපායැ. ඒ නිසා බෝම්බ අත් හදා බලන්න ගිහින් තුවාල වුණු රිල්වාන්ට උදව් කිරීම ගැනත් පාස්කු ප්‍රහාරයට සහය දීම ගැනත් අනිවාර්යෙන්ම මවුලානාගෙන් ප්‍රශ්න කළ යුතුයි.

මුස්ලිම් චාරිත්‍රයක් තියෙනවා දෑවැද්ද දෙන්න ඕන මනමාලයා විසින් මනමාලීට ඒ අනුව 2022 පෙබරවාරි 22 ක තමන්ගේ අර දෙවන විවාහ කර ගන්න අවස්ථාවේදී අසාද් මවුලානා ලක්ෂ 20 මහාර් නමින් හදුන්වන දෑවැද්ද රුපිලියල් ලක්ෂ 20ක ස්වෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් ෆාතිමා බෙනාසීර්ට ලබා දෙනවා. හැබැයි මේ චෙක්පත අගුරු වෙනවා. ගිණුමේ සල්ලි නැතිව වංචනිකව ලබා දුන් චෙක්පතක් මේ පිළිබඳවත් ෆාතිමා පොලිසියට පැමිණිලි කරනවා. එහෙනම් පොලිසිය අසාද් මවුලානා ගෙනල්ලා විතරක් මදි. මේ චෙක්පත් වංචාව ගැනත් අනිවාර්යෙන්ම විමර්ෂන කළ යුතුයි.

ඒ වගේම මවුලානා දෙහිවල ස්පෑන් ටවර්හි සුපිරි නිවාසයක් ඔහුගේ නමින් මිල දී ගෙන තිබෙන බවට චෝදනාවක් තිබෙනවා. ත්‍රස්තවාදි ක්‍රියා වලට උදව් කිරීමෙන් ලැබුණු මුදල් යොදවා ඒ නිවස මිල දී ගත් බවයි චෝදනා එල්ල වෙන්නේ. ඒ නිසා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි.

දැන් අපි මේ කාරණා ටික සංක්ෂිප්ත කලොත් ප්‍රහ්න 8ක් අහනවා.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අපේ හිතවත් ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, පොලිස්පතිතුමනි,

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි,

මේ ප්‍රශ්න 8ට පිලිතුරු දෙන්න.

1) කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් කරගෙන යෑම සඳහා ලබා ගත් අසාද් මවුලානාගේ විදෙස් ගමන් තහනම ඉවත් කලේ කාගේ බලපෑමට ද?

2) මවුලානාට එරෙහිව ෆාතිමා ජෙස්ලි බෙනාසීර් කළ පැමිණිල්ල තමන් විසින් ‍පිල්ලෙයාන්ගේ බලපෑමක් නිසා කරපු පැමැණිල්ලක් බවට ප්‍රකාශයක් කරන ලෙස පොලිසිය බලපෑම් කලේ කාගේ උවමනාවට ද?

3) තමන්ට පොලිසිය බලපෑම් කරන බවට ෆාතිමා බෙනාසීර්ගෙන් ලබා ගත් පටිගත කළ ප්‍රකාශයක් අම්පාර පොලීසියේ DCDB හී සටහන් තබා ඇත්ද?

4) සහරාන්ගේ සොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ සෆ්රාස් මොහොමඩ් සුෆියාන්ව රිල්වාන්ට හඳුන්වා දීම ගැන පොලිසිය මවුලානාගෙන් ප්‍රශ්න කරනවා ද?

5) ව්‍යාජ නමකින් පෙනී සිට ෆාතිමා බෙනාසීර්ව වංචනිකව විවාහ කර ගැනීම පිළිබඳ කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී/811/2023 යටතේ ඇති නඩුව සඳහා මවුලානාව කල්මුනේ උසාවියට ඉදිරිපත් කරනවා ද?

6) දෙහිවල ස්පෑන් ටවර්හි සුපිරි නිවාසයක් ඔහුගේ නමින් මිල දී ගෙන තිබෙන බවට තිබෙන චෝදනාව පිළිබඳ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මවුලානාගෙන් ප්‍රශ්න කරනවා ද?

7) 2022 පෙබරවාරි 22 දිනැති රුපියල් ලක්ෂ 20ක ස්වෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් විවාහ වන අවස්ථාවේ බිරිඳට මහාර් ලෙස ලබා දෙමින් එම චෙක්පත අගුරු විමේන් කල චෙක්පත් වංචාව පිළිබඳ ආසාද් මවුලානාට නීතිය ක්‍රියාත්මක කරනවාද?

8) ජනාධිපති විමර්ශන කමිටුවක් විසින් බොරුවක් බවට තහවුරු කර ඇති බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය කලායැයි කියන මිත්‍යාව යලි පන ගැන්වීමට තීර පිටපත් සකස් කරන්නේ පුංචි ඡන්දයේදී ජනතාව යළිත් වරක් රැවටීමට ද?

මෙන්න මේ ප්‍රශ්න 8ට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමා හෝ පොලිස්පතිතුමා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතමන් පිළිතුරු දෙනු ඇතැයි වහා වහා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරෙත්තු වෙනවා.

කුලුඳුල් ඩිජිටල් ඵලය මහජනතාවට තිළිණ කරයි.!

කුලුඳුල් ඩිජිටල් ඵලය මහජනතාවට තිළිණ කරයි.!

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්මක් අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරෙන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක අවස්ථාව මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම වැඩසටහනේ අරමුණ වනුයේ ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීමයි.

ආරක්ෂක ඇමතිගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සැරසෙයි.!

ආරක්ෂක ඇමතිගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සැරසෙයි.!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වග උත්තරකර ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වනදා පත්කරන ලද බවත් පසුව අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද පත් කර තිබෙන බවත් පෙත්සම්කරු අදාළ පෙත්සම මගින් දක්වා ඇත.

පෙත්සමේ වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල,  පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ. 

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇති බවයි.

ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සන්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සුදුසුකමක් නොමැති බවත් අදාළ පෙත්සසම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ. 

එසේම ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍ය  ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරයි.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලබාගත් වියදම් වාර්තා උපුටා දක්වමින් ඔහු අනාවරණය කළ තොරතුරු මෙසේය.

75 වන නිදහස් දින සැමරුම සඳහා සිංහ කොඩි මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක් වියදම් කර ඇති අතර වසරකට පසු නැවත 76 වන නිදහස් දින සැමරුමේදී සිංහ කොඩි මිලදී ගැනීම සඳහා ලක්ෂ විසි හතරකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කර ඇති අතර 76 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ විදුලිය සඳහා ලක්ෂ දෙසීයකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හාරසියයකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ නවාතැන් පහසුකම සඳහා ලක්ෂ දොලහකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ විසිපහකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ පානීය ජලය සඳහා ලක්ෂ හතලිස් තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ අසූහයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ අකුණු සන්නායක සඳහා ලක්ෂ තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ඩී.එස් සේනානායක පිළිරුවේ මල් බඳුන සඳහා හතලිස්දහසකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ අසූදහසකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ජංගම වැසිකිලි සඳහා ලක්ෂ එක්සිය හතලිහකට අධික මුදලක්ද, සනීප ආරක්ෂක කටයුතු සඳහා ලක්ෂ හතකට අධික මුදලක්ද යොදවා ඇත.

ඒ අනුව 75 වන සහ 76 වන නිදහස් උත්සව දෙකේ වැසිකිලි අවශ්‍යතාව වෙනුවෙන් ලක්ෂ තුන්සීයකට අධික මුදලක් වැය කර ඇති බව කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.

පැලවත්ත කාර්‍යාලයට ආයුධ කන්ටේනර් තොගයක්.?

පැලවත්ත කාර්‍යාලයට ආයුධ කන්ටේනර් තොගයක්.?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් වත්මන් ආණ්ඩුව සිදු කළාදැයි සැකයක් පවතින බවයි.

ඔහු පවසන්නේ මහ දවල් නිසි පරීක්ෂා කිරීමකින් තොරව රේගුවෙන් පිටකළ බව කියන බහාලුම් 323ක තුළ තිබුනේ ජනතා විමුක්ති පෙරමුණට සුපුරුදු ආයුධ තොගයක් බවට සැකයක් පවතින බවයි.

අසාර්ථක ආණ්ඩුව රැකීම සඳහා උතුරු කොරියාව මෙන් රාජ්‍යක් ඇතිකිරීමට ජවිපෙ පැලවත්ත කාර්‍යාලයට රැගෙන ආ ආයුධ එම කන්ටේනර් තුළ තිබිය හැකි බව දොලවත්ත මහතා සැකකරයි.

ඔහු පවසන්නේ ජවිපේ පූර්ණකාලීන පිරිස් වෙත බෙදාදීම සඳහා එම අවි ආයුධ ගෙනවිත් ඇති බවට සැකයක් පවතින බවයි.

එම කන්ටේනර් තුළ සැබවින්ම තිබුනේ මොනවාද, ඒවා ගෙන්වා ඇත්තේ කව්රුන්ද, ඒවා ගියේ කොහෙටද දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරියේදී අමාත්‍යංශය ලේකම් වරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙරට දැවැන්ත ආයෝජනයකට සැරසෙයි.!

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙරට දැවැන්ත ආයෝජනයකට සැරසෙයි.!

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වුනි.

එහිදී ශ්‍රී ලංකාව තුළ වරාය හා ගුවන් සේවා සඳහා දැවැන්ත ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

එමෙන් ම කොළඹ වරාය නගරය තුළ නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක් (City terminal) සඳහා ආයෝජනයට ද එහිදී තානාපති ඛලීඩ් අල් අමේරි මහතා එකඟතාවය පළ කර ඇති බව සඳහන්.

We are happy to invite you.