Unusuma Editor

1282 Posts
ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපතිවරයාගේ දෙවන නිළ සංචාරය ලෙස චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ජනාතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව එරට සචාරයක් සඳහා එක්වීය.

එහිදී චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

පොලීසියට මිලියන 90ක ඇමරිකන් බඩු බෙදයි.!

පොලීසියට මිලියන 90ක ඇමරිකන් බඩු බෙදයි.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේග මාපක උපකරණ තොගයක් පොලිස් ස්ථාන වෙත බෙදාදීම සිදුවිය.

අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද ලේසර් තාක්ෂණය භාවිත වන එම වේග මාපක උපකරණ පළමු අදියර ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් වෙත බෙදා දී තිබේ.

2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් අතරින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක් වේ.

පොලීසිය පවසන්නේ අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බවයි.

අතින් ගෙවා උඩින් ගිය ගුවන් මේනියා ගැන තවත් අනාවරණයක්.!

අතින් ගෙවා උඩින් ගිය ගුවන් මේනියා ගැන තවත් අනාවරණයක්.!

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුවන් හමුදාව විසින් ලබාදී ඇති තොරතුරු වල දැක්වෙනේ 2024 වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් රුපියල් මිලියන 56කට වඩා ආදායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව උපයාගෙන ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුවන් ගමන් 23ක් සඳහා රුපියල් මිලියන 29.09ක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගුවන් ගමන් 11ක් සඳහා රුපියල් මිලියන 20.75ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 1.44ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් අයකරගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වත්මන් ජනපති මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර කිසිදු ගුවන් යානයක් භාවිත කර නොමැත.

ඊට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 2.68ක්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ එක් ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.24ක් සහ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.6ක් ගුවන් හමුදාව මගින් අය කරගෙන ඇත.

එම පිරිස් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයට අදාළව 2024 අගෝස්තු 15 වැනි දින නාමයෝජනා භාරදීමේ සිට 2024 සැප්තැම්බර් 18 වැනි දින මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන තෙක් දින 34ක් පුරා විටින් විට මෙම සේවාව ලබගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, මැතිවරණ කාලය තුළ ගුවන් ප්‍රවාහනයට ඉන්ධන ලීටර් 42,000ක් සඳහා රුපියල් මිලියන 9ක් වියදම් කළ බවයි.

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

පුවත්පතකට පිලිතුරු දෙමින් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පවසන්නේ, සිය සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවයි.

තමා සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවත් සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

තමන් එම වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරි බවත් එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.

තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි.!

තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා කඩිනමින් කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවද මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීම වන අතර එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලට අමතරව අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසූවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳ්හන් කළේය.

එහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට කිසිදු ආයෝජකයෙකු මුදල් ආයෝජන නොකරන බවත් එබැවින් එම නම ඉවත් කිරීමටද ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

91 ප්‍රේමදාස බේරාගත් රනිල්ට 25 ප්‍රේමදාසගෙන් බේරාගන්න වෙලා.!

91 ප්‍රේමදාස බේරාගත් රනිල්ට 25 ප්‍රේමදාසගෙන් බේරාගන්න වෙලා.!

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි කඩු වෙල ආසනයේ සජබ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූවේ පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බවයි.

එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ මෙම පක්ෂ දෙකේ එකතුව රටට හොඳ අවස්ථාවක් බවයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේ එවකට 1991 වසරේ දෝශාභියෝගයෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීමට ගිය අවස්ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම තමා බාර ගත් බවයි.

එම අවස්ථාව සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුද සජබ පළාත් පාලන ආයතන නියෝජිතයෝද සහභාගී වී සිටියහ.

එමෙන්ම තලතා අතුකෝරළ මහත්මියගේ සහෝදරයාත් තමාට එදා උදව් කළ අතර දැන් තලතා අතුකෝරළ මහත්මිය සියලු පාර්ශ්ව වලට කතා කොට පක්ෂ එකතු කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පැව්සීය.

We are happy to invite you.